හොඳම කියවන්නන් තේරීම
පාසල් ළමුන් අතර පොත් කියැවීමේ රුචිකත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් හොඳ ම කියවන්නන් තේරීම සඳහා වූ වැඩසටහනක් දියත් කිරීමට කැලණිවැලි ලේඛක සංසදය තීරණය කරන ලද්දේ පසුගිය 2018 ඔක්තෝබර් මස පමණ පැවැති මහා සභා රැස්වීමකදීය.
ඒ සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් සම්බන්ධ කරගැනීමට තීරණය වූ අතර, කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබාගන්නට පියවර ගන්නා ලදි. අධ්‍යාපන කලාපයේ විදුහල් 12ක් මේ සඳහා තෝරාගන්නා ලද අතර එම විද්‍යාලවලට ලිපි මගින් දැනුවත් කරන්නට පියවර ගන්නා ලදි.
ඉන් පසුව ලේඛක සංසදයේ සාමාජිකයෝ ස්වේච්ඡාවෙන් අදාළ පාසල්වලට ගොස් 6,7,8 පංතිවල ළමුන් මේ වැඩසටහන පිළිබඳව දැනුවත්කරන ලදි. ඒ අනුව සිසු-සිසුවියන් විසින් 2019 ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ දී පාසල් විස්‍ය මාලාවට අදාළ හා වෙනත් අමතර පොත් කියවීම් පොත් කියවා සටහන් තබාගැනීම පිළිබඳව උපදෙස් ලබාදීම සිදු විය.
මේ අනුව සමස්තයක් ලෙස සිසුන් දහසක් පමණ දැනුවත් කරනු ලදුව වැඩදටහනට සම්බන්ධ විය. පාසල් කටයුතු මෙන්ම රටේ පැවැති තත්ත්වය නිසාද පොත් කියැවීම සඳහා ලබාදුන් කාලය අගෝස්තු දක්වා දිගු කිරීමට සිදු විය.
2019 හොඳම කියවන්නන් ලෙස තෝරාගත් සිසු-සිසුවියන් සඳහා ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීම නොවැම්බර් මස 1 දින පැවැත්වීමට නියමිතය.