සංසදය | Forum
කැලණිවැලි ලේඛක සංසදය (Kelani Valley Writers' Forum) යනු 2018 මාර්තු 10 දින ආරම්භ කරනලද ලේඛකයන්ගේ එකමුතුවකි.
සංසදයේ අරමුණු
- ලේඛක ලේඛිකාවන් එකමුතු කිරීම හා ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම
- වාර්ෂිකව සාහිත්‍ය උත්සවයක් පැවැත්වීම හා ඒ අරමුණු කරගෙන සාහිත්‍ය තරඟ පැවැත්වීම
- ලේඛකයන්ගේ ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සංවිධානය
- පාඨක රුචිය වර්ධනය සඳහා උපකාරී වන දේශන, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන ආදිය පාසල් මට්ටමින් හා විවෘත මට්ටමින් පැවැත්වීම
- ඉහත කී අරමුණු සාක්ෂාත් කරගැනීමට සුදුසු වන වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සංසදයේ බල ප්‍රදේශය
හෝමාගම, මහරගම, කඩුවෙල, කැස්බෑව, පාදුක්ක හා හංවැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙම සංවිධානයේ බල ප්‍රදේශයට අයත්ය. එහෙත් එයින් බැහැර ප්‍රදේශවල ලේඛක-ලේඛිකාවන්ටද මෙහි සාමාජිකත්වය ලබාගත හැකිය.