කැලණිවැලි ලේඛක
සංසදය මගින් පවත්වන ලද ‘කැලණිවැලි ප්‍රතිභාන 2022’ ලේඛක සම්මාන උලෙළ 2022 නොවැම්බර් 12
දින හෝමාගම, පිංබිම, ධර්මායතන පරිශ්‍රෙය් දී පවත්වන ලදි. එහි දී සංසදයේ සාමාජික
අසූ විය ඉක්මවු ප්‍රවීණ කලාකරුවෝ හයදෙනෙක් කැලණිවැලි ප්‍රතිභාන සම්මානයෙන් පිදුම්
ලදහ.
![]() |
| සම්මානලාභීන් හා ප්‍රධාන ආරාධිතයින් |
මෙසේ සම්මාන හිමි වූයේ පී. ටී. විජයදාස, එස්. වී. පී. සිරිසේන, විජේසේන දොඩම්ගොඩ, බන්දු ගුණසේකර, රාජ ශ්‍රී පීරිස් සහ අරුණ චුල්ලසිරි හේවාමද්දුම යන ලේඛකයන්ටය. හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, හෝමාගම සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් ගීතානි සුබසිංහ මහත්මිය ඇතුළු පිරිසක් විසින් මේ සම්මාන, සහතිකපත් හා ත්‍යාග පිරිනමන ලදි.
මේ අවස්ථාවේ දී ‘කවිය, ගීතය හා සාහිත්‍යය’ යන මැයෙන් වු ප්‍රධාන දේශනය ජනශ්‍රැති පර්යේෂක කරුණාරත්න මහගමරාල මහතා විසින් පවත්වන ලදි. හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු බෞද්ධ කටයුතු පිළිබද උපදේශක පූජ්‍ය කාල්වානේ සරණංකර හිමියන් විසින් අනුශාසනයක් පැවැත්වුණ අතර. ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ, කැලණිවැලි ලේඛක සංසදයේ සභාපති පියසිරි මාතරගේ සහ සමලේකම් හේමා කුරුප්පු යන මහත්ම මහත්මීහු ද සභාව ඇමතූහ. සංසදයේ සාමාජික-සාමාජිකාවන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සම්බන්ධ වූහ.
![]() |
| පොල්තෙල් පහන දල්වන හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා |

