Wednesday, November 30, 2022

කැලණිවැලි ප්‍රතිභාන ලේඛක සම්මාන 2022 උලෙළ

කැලණිවැලි ලේඛක සංසදය මගින් පවත්වන ලද ‘කැලණිවැලි ප්‍රතිභාන 2022’ ලේඛක සම්මාන උලෙළ 2022 නොවැම්බර් 12 දින හෝමාගම, පිංබිම, ධර්මායතන පරිශ්‍රෙය් දී පවත්වන ලදි. එහි දී සංසදයේ සාමාජික අසූ විය ඉක්මවු ප්‍රවීණ කලාකරුවෝ හයදෙනෙක් කැලණිවැලි ප්‍රතිභාන සම්මානයෙන් පිදුම් ලදහ.

සම්මානලාභීන් හා ප්‍රධාන ආරාධිතයින්

මෙසේ සම්මාන හිමි වූයේ පී. ටී. විජයදාස, එස්. වී. පී. සිරිසේන‍, විජේසේන දොඩම්ගොඩ, බන්දු ගුණසේකර, රාජ ශ්‍රී පීරිස් සහ අරුණ චුල්ලසිරි හේවාමද්දුම යන ලේඛකයන්ටය. හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, හෝමාගම සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් ගීතානි සුබසිංහ මහත්මිය ඇතුළු පිරිසක් විසින් මේ සම්මාන, සහතිකපත් හා ත්‍යාග පිරිනමන ලදි.

මේ අවස්ථාවේ දී ‘කවිය, ගීතය හා සාහිත්‍යය’ යන මැයෙන් වු ප්‍රධාන දේශනය ජනශ්‍රැති පර්යේෂක කරුණාරත්න මහගමරාල මහතා විසින් පවත්වන ලදි. හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු බෞද්ධ කටයුතු පිළිබද උපදේශක පූජ්‍ය කාල්වානේ සරණංකර හිමියන් විසින් අනුශාසනයක් පැවැත්වුණ අතර. ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ, කැලණිවැලි ලේඛක සංසදයේ සභාපති පියසිරි මාතරගේ සහ සමලේකම් හේමා කුරුප්පු යන මහත්ම මහත්මීහු ද සභාව ඇමතූහ. සංසදයේ සාමාජික-සාමාජිකාවන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සම්බන්ධ වූහ.

 


පොල්තෙල් පහන දල්වන හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා



 

Monday, November 18, 2019

‘හොඳම කියවන්නෝ’ පොත් කියැවීමේ ව්‍යාපෘතියේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය



කැලණිවැලි ලේඛක සංසදය මගින් සංවිධානය කරන ලද ‘හොඳම කියවන්නෝ’ පොත් කියැවීමේ ව්‍යාපෘතියේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය 2019 නොවැම්බර් මස පළමුවැනිදා හෝමාගම පිංබිම ධර්මායතනයේ දී සිදු කෙරිණි. 

පාසල් සිසුන්ගේ කියැවීමේ රුචිය නංවා ලීමේ අරමුණ ඇතිව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට හෝමාගම අධ්‍යාපන කලාපයේ 7, 8, 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් දහසක් පමණ සහභාගි වූහ. ඒ අතරින් වැඩිම පොත් ප්‍රමාණයක් කියැවූ සිසු සිසුවියන් 141 දෙනෙකුට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය. ඔවුන් අතුරින් 1 - 10 ස්ථාන හිමි කරගත් සිසුන් 19 දෙනකුට විශිෂ්ට කුසලතා සහතික හා ත්‍යාග පිරිනමන ලදී. ඉතිරි 122 දෙනාට කුසලතා හා ත්‍යාග පිරිනමන ලදී. ත්‍යාග වශයෙන් මේ හැමදෙනාට පොත් පිරිනමන ලදී.

උත්සවය ආරම්භයේ දී ශිෂ්‍යයෙකු විසින් ජාතක පොත් වහන්සේට පොල්තෙල් පහනක් දැල්වීම මෙහි විශේෂත්වයක් විය. හෝමාගම අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මය හිටපු උපදේශක පූජ්‍ය කාල්වානේ සරණංකර හිමියෝ පිරිස පංචශීලයෙහි පිහිටුවා අනුශාසනයක් කළහ.

ආරාධිත දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි මහතා විසිනි. හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය, සහ හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පරිපාලන) හේමන්ත ගමගේ හා කැලණිවැලි ලේඛක සංසදයේ සභාපති පියසිරි මාතරගේ, සම ලේකම් යූ. එච්. මෛත්‍රීපාල යන මහත්වරු ද සභාව ඇමතූහ.

සංසදයේ සමලේකම් හේමා කුරුප්පු මහත්මිය විසින් රචිත පොතේගුරු ගීතය ප්‍රවීණ රංගධර අරුණ චුල්ලසිරි හේවාමද්දුම මහතා විසින් ගායනා කරනලදී. අරුණ චුල්ලසිරි හේවාමද්දුම, නිමල් තිලකරත්න, හේමා කුරුප්පු, ගීතාංජලී ගුණසේකර, සුනාලි ජයලතා, සහ සුනිලා දමයන්ති සන සංසදයේ සාමාජික සාමාජිකාවෝ කැලණිවැලි ලේඛක සංසදයේ තේමා ගීතය ගායනා කළහ. පියසිරි මාතරගේ මහතා විසින් රචිත, කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයේ සංගීතාචාරිනී ඒ. හර්ෂණී මේකලා මහත්මිය විසින් සංගීතය සපයන ලද කියැවීමේ ගීතය ගායනා කරන ලද්දේ කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.

‘හොඳම කියවන්නෝ’ පොත් කියැවීමේ ව්‍යාපෘතිය අනුව 2019 මාර්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තම විදුහල් පුස්තකාලයේ ඇති පොත් කියවා සටහන් තැබීමට උපදෙස් දෙන ලදී. දීපංගොඩ ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ. පී. කේ. නෙත්මි කවීෂා ශිෂ්‍යාව පොත් 149 ක් කියවා ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා ය. කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙක් පොත් 75 බැගින් කියවා දෙවන ස්ථානය හිමි කර ගත්හ. තෙවන ස්ථානය ද එම විදුහලේ ශිෂ්‍යාවකට හිමි විය.

1 - 3 දක්වා ස්ථාන හිමි කර ගත් සිසුන් මෙසේ ය.

01. පී. කේ. නෙත්මි කවීෂා, 8 ශ්‍රේණිය - බප/හෝ/ දීපංගොඩ ශ්‍රී මේධානන්ද ම. වි.
02. කේ. එල්. කාවින්දි කෞශල්‍යා, 9 ශ්‍රේණිය - බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක ක. වි.
02. කේ. ඒ චාතුර්යා දිව්‍යාංජලී, 9 ශ්‍රේණිය - බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක ක. වි.
02. ජී. නිමේෂා නිලුපුලී, 9 ශ්‍රේණිය - බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක ක. වි.
03. කේ. ජේ. කේ. සෙව්මිණි පුෂ්පකුමාරි, 7 ශ්‍රේණිය- බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක ක. වි.

‘කලණ වරුණ‘ සඟරාවේ මංගල කලාපය එළිදැක්වීම


සංසදය මගින් ප්‍රකාශයට පත්කෙරුණු, ‘කලණ වරුණ‘ සඟරාවේ මංගල කලාපය එළිදැක්වීම ද මෙම උත්සවයේදී සිදුවිය. ඉදිරියේදී එය සිවු මාසික ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධියට පත්කරනු ඇත.

කලණ වරුණ සඟරාවේ මංගල කලාපය පිළිබඳ (විස්තර සඳහා  https://kelanivalley.blogspot.com/2019/10/31-kalanavaruna-1.html පිවිසෙන්න.

කැලණිවැලි ලේඛක සංසදයේ සාමාජිකයන්, සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම උත්සව අවස්ථාවට සම්බන්ධ වූහ.




උත්සවයේ ඡායාරූප එකතුව 

'හොඳම කියවන්නෝ' ග්‍රාහකයන්ට ලබාදුන් සහතිකපතක්

ජාතක ‌පොතට පහන් දැල්වීම
හෝමාගම ප්‍රාද‌ේශීය ‌ලේකම් තුමිය විසින් පොල්තෙල් පහන දැල්වීම

හෝමාගම කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා විසින් පොල්තෙල් පහන දැල්වීම

සංසදයේ සභාපති පියසිරි මාතරගේ මහතා පිළිගැනීමේ කතාව කරමින්

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය සභාව අමතමින්

හෝමාගම කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතා සභාව අමතමින්

ආරාධිත දේශනය පවත්වන ආචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි මහතා

'කලණ වරුණ' සඟරාවේ මංගල කලාපය පූජ්‍ය කාල්වානේ සරණංකර හිමියන් ‌වෙත පිළිගන්වමින්

සංසදයේ ගීතය ගායනා කරන සාමාජිකයින් පිරිසක්

කියැවීමේ ගීතය ගායනා කරන සිසු-සිසුවියන් පිරිසක්

සංගීතාචාරිනී ඒ. හර්ෂණී මේකලා මහත්මිය ගීත සඳහා සංගීතය සපයමින්

ත්‍යාග හා සහතිකපත් ලබාදීම
ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයේ අවස්ථාවක්

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයේ අවස්ථාවක්

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයේ අවස්ථාවක්

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයේ අවස්ථාවක්

සමලේකම් හේමා කුරුප්පු මහත්මිය කවි ගායනාවක් සිදුකරමින්

සංසදයේ සමලේේේේේකම් එච්. ඩී. ‌මෛත්‍රීපාල මහතා ස්තුති කතාව සිදුකරමින්

උත්සවයට සහභාගි වූ අමුත්තන් හා පිරිස‌ෙන් ‌කොටසක්

උත්සවයට සහභාගි වූ පාසල් සිසු-සිසුවියන්ගෙන් ‌කොටසක්
 

ඡායාරූප - ප්‍රමිත දිල්රුක් සූරියප්පෙරුම


Monday, October 28, 2019

කලණ වරුණ - 1 කලාපය - 2019 න‌ොවැ.

කලණ වරුණ - මංගල කලාපය - 2019 න‌ොවැම්බර්


ලිපි මාලාව

  • මානසික සෞඛ්‍ය සුවතාව ‌කෙරෙහි සංස්කෘතික බලපෑම
  • අක්ෂර රූප විද්‍යාව හා සබැඳි ලෝකයේ පැරණි අක්ෂර ක්‍රම
  • පුරාවිද්‍යාවෙන් ‌හෙළි වූ ලුම්බිණි සල් උයන
  • භාෂාවක් ‌ශ්‍රේෂ්ඨ වන්නේ ව්‍යාකරණයෙනි
  • දරුවන් ‌පොතපතින් පෝෂණය කරමු
  • විභාග ජයගනිමු
  • හොඳම කියවන්නන් තේරීම
  • 'කැලණිවැලි' වූ කැලණි නිම්නය
  • අන්තර්ජාලය ජංජාලයක් න‌ොවීමට නම්
  • සිිංහල සංදේශ කවීන්ගේ බස්වහරින් කුළුගැන්වෙන ස්වභාව සෞන්දර්යය
  • ඔසු ගුණ හැර යන දිව ඔසු
  • මගේ කැම්පස් එක
  • වස්සාන කාලය හා වස් වැසීම

2019 ඔක්තෝබර් 12 දින පැවැති මහා සභා රැස්වීම

කැලණිවැලි ලේඛක සංසදයේ මහා සභා රැස්වීමක් 2019 ඔක්තෝබර් මස 12 දින හෝමාගම පිංබිම ධර්මායතනයේදී පවත්වන ලදි. සංසදයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳම ‌මෙම රැස්වීමේදී් සාකච්ඡාවට ගන්නා ලදි.

අලුත්ම බ්ල‌ොග් පුවත ‌මෙතැනින්

කැලණිවැලි ප්‍රතිභාන ලේඛක සම්මාන 2022 උලෙළ

කැලණිවැලි ලේඛක සංසදය මගින් පවත්වන ලද ‘කැලණිවැලි ප්‍රතිභාන 2022’ ලේඛක සම්මාන උලෙළ 2022 නොවැම්බර් 12 දින හෝමාගම, පිංබිම, ධර්මායතන පරිශ්‍රෙය් ද...

වඩාත් කියැවූ බ්ලොග් පුවත ‌මෙතැනින්